hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:27



2029 වසරේ ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දැඩිව කතා කරමින් ජනතාව සමඟ එක්ව කටයුතු කළ හැකි පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පල කළේ, තමන්ට නියම කර ඇති වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම ඉවත් කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා පසුගිය 23 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, විපක්ෂයේ සිටින ජනතාව පමණක් නොව, වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදී පසුව දේශපාලනයෙන් ඈත්ව සිටින පිරිස් ද එකතු කරගත හැකි නායකයෙකු 2029 ජනාධිපතිවරණයේදී ඉදිරියට පැමිණෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, තමන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බැවින් 2029 ජනාධිපතිවරයා ලෙස ඔහු පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එවැනි විශ්වාසයක් දරන බවත් ඇය පැවසුවා.

තමන්ට එරෙහිව පවතින නඩු කටයුත්ත සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, 2029 වසරේ කවුරුන් ජනාධිපති ධුරයට පත්වුවද, තමන්ට අදාළ නඩුවේ නීතිමය ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදාහස් දක්වමින් ඇය කියා සිටියේ,

“2029 ජනාධිපති වෙන්නේ මේ වෙලාවේ ඉතාමත් බරපතල ආකරයට ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනජනතාවත් එක්ක එළියට බැහැලා විපක්ෂයේ ජනතාව විතරක් නෙවෙයි ආණ්ඩුවට ජන්දේ දීලා පැත්තකට වෙලා ඉන්න අයවත් එකතු කරගන්න පුළුවන් කෙනා. මගේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා නිසා අපි හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා. පොදුජන පෙරමුණේ ඉන්න අය විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමා කියලා. 2029 ඉතින් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් නේ එන්නේ. අනුර කුමාර දිසානායක නම් නෙවෙයි කියන එක කියන්න පුලුවන්.

2029 කවුරු ජනාධිපති පුටුවට ආවත්, තරුණයන් පැහැරගෙන ගිහින් කරපු අපරාධවලට නීතිය හමුවේ ලැබුණු වසර 3ක සිරදඬුවම විඳින්න හිරුණිකාට හිරේ යන්නම වෙනවා…”

2015 වසරේදී දෙමටගොඩ වෙළඳසැලක සේවකයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සහ පහරදීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් ඇයට වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබුණා.

ඇය දැනට පසුවන්නේ මහාධිකරණය ලබාදුන් ඇප මත වන අතර, එම සිරදඬුවමට එරෙහි අභියාචනය පසුගිය 23 වැනිදා අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: