2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:31
වයස අවුරුදු 25 ට වැඩි සෑම 04 දෙනකුගෙන් එක් අයෙකුම ආඝාත (ස්ට්‍රෝක්) රෝගියකු වීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා සඳහන් කරනවා.
ආඝාත තත්ත්තවය එක් වරක් වැළඳුනහොත් ඉන් සියයට 25 කටම යළි වැළඳීමේ හැකියාව පවතින බව ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා සඳහන් කරණවා.
ගුණසේකර මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ලංකාවේ ආඝාත රෝගීන් ලක්ෂ දෙකක් පමණ සිටින බවත්, වයස අවුරුදු 35 ට වැඩි සියලු දෙනා සුවදිවි සායන වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවත් රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල මේ සායන ක්‍රියාත්මක වන බවත්ය.
රෝග ලක්ෂණ ලෙස මුහුණේ එක් පසක ඇදවීම, වචන පැටලීම, අතක, පාදයක පණ නැති වන ආකාරයක් දැනීම පෙන්වාදිය හැකියි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි රෝග ලක්ෂණ මතුවුවහොත් ගොඩ බෙහෙත් නොකොට රෝහල් සමඟ කටයුතු කිරීම සුදුසු බවයි.
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26