hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 11:08



හමාස් සංවිධානය විනාශ කිරීමට නම් ගොඩබිම් ප්‍රහාරයන් හි දිගටම නියැලිය යුතු වන බව ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්ට්සි හලේවි පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන හලේවි, යුද්ධයේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ගොඩබිම් ප්‍රහාර අත්‍යවශ්‍ය බවත්, අවදානමක් නොගෙන සාර්ථකත්වය කරා ගමන් කළ නොහැකි බවත් සඳහන් කළා. තවද, කිසියම් මිලක් නොගෙවා ජයග්‍රහණය කරා යා නොහැකි බව ද ඔහු කියා සිටියා.

හලේවි සඳහන් කරන්නේ හමාස් ත්‍රස්තවාදීන් විනාශ කිරීමට නම් විශාල පිරිස් බලයක් යොදාගෙන ඔවුන් විසින් පාලනය කරන ප්‍රදේශ කරා ඇතුළු වීම හැර අන් ක්‍රමයක් නොමැති බවයි.