2023 ඔක්තෝබර් 29, ප.ව. 10:27
ගාසා තීරය වෙත කඩාවැදුණ ඊශ්රායල හමුදා සමග තම සටන්කාමීන් ගැටුණ බව හමාස් සංවිධානයේ හමුදා අංශය වන අල්-කාසම් බ්රිගේඩ නිවේදනය කළා.
අද නිකුත් කළ නිවේදනයකින් ඔවුන් පැවසුවේ තම සටන්කාමීන් ගාසා නගරයෙන් උතුරෙහි බෙයිට් ලහියා ප්රදේශයට වයඹ දෙසින් වන අල්-අමිරියා ප්රදේශයේදී ඊශ්රායල හමුදා සමග ගැටුණ බවයි.
ඊශ්රායලයට ද මෙහිදී හානි සිදුවූ බව අල්-කාසම් බ්රිගේඩ ප්රකාශ කළා. එමෙන්ම තවත් අවස්ථාවක ඊශ්රායල හමුදාවන්ට පිටුපසින් මතුවී පහරදීමට තමන් සමත් වූ බව ද ඔවුන් සඳහන් කළා.
මේ අතර පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල්-කුද්ස් බ්රිගේඩ ද තමන් මෝටාර් සහ රොකට් යොදාගෙන ඊශ්රායල හමුදා වෙත පහරදුන් බව කියා සිටියා.
මේ අතර ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්රායල ජනාවාස වෙත ද මෝටාර් ප්රහාර එල්ල ඊ තිබෙනවා.
ඊශ්රායල හමුදා පවසන්නේ තමන් හමාස් සටන්කාමීන් සැලකියයුතු පිරිසක් විනාශ කිරීමට සමත් වූ බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16