2022 ජූනි 02, ප.ව. 2:05
යතුරුපැදි සොරකම් කරන ලද සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කොළොන්න පොලීසීයේ පොලිස් නිළධාරීන් සමත්ව තිබෙනවා.
සොරකම් කරන ලද යතුරුපැදි පල්සර් වර්ගයේ දෙකක් සමග සැකකරුවන් හතර දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 23 වනදා අලුයම මෙම යතුරුපැදි දෙක අතුරුදන්ව ඇති බවට හිමිකරුවන් විසින් කොළොන්න පොලීසියට පැමිනිල්ලක් කර ඇති අතර ඒ අනුව පොලිස් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොළොන්න ප්රදේශයේ කුලියට ගම්මිරිස් කැඩීමට යයි පැමිණ පාටි දමමින් පිරිසක් නිවසක සිට ඇති බවත් මේ පිළිබදවද පොලීසිය අවධානයෙන් සිට ඇති බවත් මේ ඔස්සේ විමර්ෂණ කටයුතු සිදු කරද්දී යතුරුපැදි සොරකමට අදාල පුද්ගලයින් දෙදෙනෙකු වැලිමඩ කැප්පිටිපොල ප්රදේශයෙන් ද තවක් අයෙකු තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ප්රදේශයෙන් යතුරුපැදි දෙකද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයන් දෙදෙනා සමග සොරාගත් යතුරු පැදි දෙක එම සොරකම සදහා භාවිතා කරන ලද තවත් යතුරුපැදියක් සහ මෙම සංවිධානාත්මක සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම සොරකමට අදාල සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් අයෙකු ඇඹිලිපිටිය පනාමුර මාර්ගයේ 4 කණුව ප්රදේශයේ පදිංචි යුධ හමුදාවෙන් පලා ආ 27 හැවිරිදි අයෙක්.
ඔහු මේ වන විට සූරියවැව ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අයෙක්.
මොණරාගල නක්කල ප්රදේශයේ සහ පොලොන්නරුව අරණගන්විල උල්පත්වැව පදිංචි 22 හැවිරිදි වියේ පසුවන තවත් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා යුධ හමුදාවේ සේවයේ නියුතු නිවාඩු මත සිටින අය බවයි පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.
ඇඹිලිපිටිය – ප්රගීත් ජනක
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19