hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 02, ප.ව. 3:55



යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේදී ඊයේ (01) සවස පුද්ගලයින් දෙපාර්සවයක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කොට ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

සුපර්මඩම් ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක පළමුවෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදී ගැනීමක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් තියුණු ආයුධද භාවිතා කරමින් පහරදී ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

එහිදී දෙපාර්ශවයේම තිදෙනා බැගින් තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇති අතර පෞද්ගලික හේතුවක් මත මෙම ගැටුම ඇතිවී තිබෙන බවටද පොලීසිය සැකපල කොට සිටියි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහරදී ගැනීම් සිදු කල සෙසු පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.