hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 3:17



ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ සන්නාහ සන්නද්ධ ඒකක ගාසා නගරය තුළට ඇතුල් වී ඇතැයි හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් හර්ට්සි හලේවි පවසනවා.

හලේවි පවසන්නේ යුද්ධය තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙත පැමිණ ඇති බවයි. මේ වනවිට ඊශ්‍රායල හමුදා උතුරු ගාසා ප්‍රදේශයේ හදවතට ඇතුල් වී ඇති බවත් ගාසා නගරය වෙත ද ඇතුල් ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. නගරය කිහිප පසෙකින් වටලමින් තිබෙන බව ද ඔහු තවදුරටත් කියා සිටියා.

මේ අතර බ්‍රහස්පතින්දා සවස සහ රාත්‍රියේ සිදුවූ සටන්වලදී හමාස් සටන්කාමීන් 130 ක් මියගිය බව ද ඊශ්‍රායල හමුදා පවසනවා.