2022 ජූනි 03, පෙ.ව. 4:01
කොළඹ ප්‍රදේශයේ පදිංචි දමිළ පවුලකට අයත් තිදෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි ගෝතණ්ඩරාමර් මුහුදු ප්‍රදේශයට කුඩු මුහුදු යාත්‍රාවකින් පැමිණ සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
මව, පියා සහ 10 හැවිරිදි පුතු සමග කොළඹ සිට මන්නාරම පේසාලෙයි ප්‍රදේශයට පැමිණ ධීවර යාත්‍රාවක් ආධාරයෙන් පෙසාලෙයි මුහුදු තීරයෙන් ඉන්දියාවට ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ගතවූ මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්‍රමාණය 100 කට අධික බවටද එරට සරණාගතභාවය ලබා ගත් පිරිස 96 දෙනෙකු බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහ ගත් 150 කට ආසන්න පිරිසක් මේ වන විට ගතවූ මාස දෙකක කාලය තුලදී නාවික හමුදාව විසින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:14
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:06