hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2023 නොවැම්‍බර් 11, ප.ව. 6:23



ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට දිවි හිමියෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (11) කැඳවා තිබෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ඒ බව පැවසුවා.

“ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට අපි දිවි හිමියෙන් කටයුතු කරනවා. ඒක කරන්න ඇමතිටත් ආරාධනා කරනවා. මේ ප්‍රශ්නය මෙතැනින් සමථයකට පත් කරගන්න. සභාපති ලබන සතියේ ඒ රැස්වීමට යනවා. ඒක සාර්ථක වෙයි කියලා හිතනවා.”

“දැන් මේකෙන් වෙන්නේ 19න් පහළ ලෝක තරගාවලියට යන්න බැරි වෙන එක. ලංකා සත්කාරකත්වය නැති වෙන එකයි. ජනවාරි පවත්වන්න තිබ්බ ක්‍රිකට් වසන්තය කඩාකප්පල් වෙලා.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: