2023 නොවැම්‍බර් 14, පෙ.ව. 2:03
ඊශ්‍රායල හමුදා සේනාංක ගාසා හි ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල වෙත ඇතුල්ව තිබෙනවා. එහි සිට ගන්නා ලද ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් සඳහන් කරන්නේ හමාස් සාමාජිකයන්ට ගාසා හි බලය අහිමිව ඇති බවයි. ඔවුන් සිය කඳවුරු අතැර පළා යන බවත් එම ස්ථාන සිවිල් වැසියන් විසින් කොල්ලකන බවත් ගලාන්ට් සඳහන් කළා.
මේ අතර හමාස් සංවිධානය ගාසා හි රන්තිසි රෝහලට යටින් වන උමං සිය සටන් මෙහෙයවීමට භාවිතා කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කළා. එම ස්ථානයේ තිබී අල්ලාගන්නා ලදැයි සඳහන් අවි ආයුධ ද ඔවුන් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කළා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24