2022 ජූනි 03, ප.ව. 7:56
අග්‍රාමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා ඉහළ දමන ලද විදුලි සංදේශ බද්ද වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, 11.25%ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.
මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ යාමට නියමිතයි.
ඊට අමතරව 8% ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම ද හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු සමස්තයක් ලෙස 08% කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කලා.
කෙසේවෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බලනොපාන අතර වැට් බද්ද අනුව එම ගාස්තු සියයට 4කින් ඉහළ යාමට නියමිතයි.