2023 නොවැම්‍බර් 15, ප.ව. 12:14
 
            
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කළා.
ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරුණා.
එහිදී 2022 වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාවේ සඳහන් තවත් කරුණු සහ 2019 වසරේ විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් විමසීම ට නියමිතයි.
මේ අතර සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබෙනවා.
කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එම ආයතනයේ නිර්දේශ සහිතව සහ එම ආයතනයෙන් සහභාගීවූවන්ට අදාළ විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළා.
තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කළා.
එහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශ කරන ලෙසයි.
“රොබට් සිල්වා කියන්නේ මගේ මස්සිනා ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව. ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්. නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්. ආර්. ඒ ෂෙනුලා දිනූසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම. මිනිස්ටර්ටත් මම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්ද්‍රෙස්කරගේ නමට එනකල් ඉන්නවා…”
ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ, උපසභාපති ජයන්ත ධර්මදාස බව පැමිණි නිලධාරිහූ පැවසූවා.
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25