hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 10:49



සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පත් කිරීම් සිදු කර ඇත්තේ, නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රාජකාරි පැවරීම සිදු කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: