hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 04, ප.ව. 9:30



පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතෙකු ඊයේ (03) රාත්‍රියේ එම පෙම්වතියගේ නිවසට සිය මෝටර් රථයෙන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පෙම්වතා සිය මෝටර් රථය ධාවනය කර පෙම්වතියගේ අනුරාධපුරය නගරයේ නිවසේ ගේට්ටුව කඩා දමා පසුව පිරිසක් සමග නිවැසියන්ට පහරදීමට තැත්කළ බවයි පෙම්වතියගේ නිවසේ පිරිස ප්‍රකාශ කළේ.

එහිදී පෙම්වතා විසින් පෙම්වතියගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ද කිහිපවරක් සිය මෝටර් රථයෙන් හප්පා දැඩි හානි සිදුකර තුබූ බව සඳහන්.