hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 24, ප.ව. 12:15



ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණය තීන්දු කර තිබෙනවා.

වියදම්වලට අදාළ නඩුව විනිසුරු සාරා හගේට් ඉදිරියේ අද (24) පවත්වා තිබෙනවා.

එහිදී විනිසුරු සාරා හගේට් පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවයි.

ඒ බැවින් ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වි තිබුණා.

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: