hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූනි 05, ප.ව. 5:35



වව්නියාව ඒ-9 ප්‍රධාන මාර්ගයේ තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී ඊයේ (04) දින සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත දෙස සට පැමිණි ලොරි රථය අධික වේගයකින් ධාවනය වී ඇති අතර එහිදී ලොරියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වව්නියාව දිස සිට ඕමන්ත දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක්ද යටකරගෙන අසල තිබූ ගොඩනැගිල්ලක් තුලට කඩා වැදී නැවතී ඇති බවට පොලීසිය පවසයි.

එහිදී ලොරියට යට වීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථයේ රියදුරුට පහර දීමට උත්සහ දරා ඇති අතර එම ස්ථානයට ගිය වව්නියාව පොලීසිය විසින් ප්‍රදේශවාසීන් විසුරුවාහැර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු තිබෙනවා.

Example Image