hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 28, ප.ව. 6:17



සිය ප්‍රතිප්‍රහාරයේදී සිදුවූ විශාල ජීවිත හානි ප්‍රමාණය සහ දූෂණය හේතුවෙන් අකාර්යක්ෂමව ඇති බඳවාගැනීමේ කටයුතු හේතුවෙන් යුක්‍රේන යුධ ප්‍රයත්නය අසාර්ථක වීමේ අවකාශයක් ඇතැයි යුරෝපා සංගමයේ නිලධාරීන් සැක කරන්නට පටන් ගෙන ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා.

කෙසේ වෙතත් තමන් දිගටම යුක්‍රේනය සමග සිටින බව ද යුරෝපා සංගමය නැවත නැවතත් අවධාරණය කර සිටිනවා.

නමුත් මේ පිළිබඳව ද සැකයන් මතුවන්නට පටන් ගෙන තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නොබෝදා කියා සිටියේ බටහිරින් ලැබෙන ආධාර අඩුවෙමින් පවතින බවයි.

අසාර්ථක බඳවාගැනීම් ක්‍රියාවලිය හේතුවෙන් සටන් බිමෙහි වැඩි වැඩියෙන් වයස අවුරුදු 40 ඉක්මවූවන් දක් නට ලැබෙන අතර සේවයට කැඳවිය යුතු වයසෙහි 20,000 ක් පමණ දෙනා රටින් පළාගොස් සිටින බව ද කියැවෙනවා.