hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 12:08



ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

“කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ 80%ක් වගේ. මේවා අනුව අපිට ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: