2023 දෙසැම්‍බර් 01, ප.ව. 9:49
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය බිඳවැටීමත් සමග අද නැවතත් ගාසා තීරයේ දරුණු ගැටුම් හටගත්තා.
ඊශ්‍රායල ගුවන් හමුදා විසින් ගාසා තීරයේ ස්ථාන ගණනාවක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කෙරුණා. මේ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් සියයකට වඩා මියගිය බව වාර්තා වනවා.
මේ අතර ඊශ්‍රායල හමුදා සමග ස්ථාන කිහිපයකදී ම දරුණු සටන් හටගත් බව හමාස් සංවිධානය පවසනවා. බෙයිට් හනූන්, තල් අල්-හවා සහ ශෙයික් රද්වාන් ආදී ප්‍රදේශ කිහිපයක මෙසේ සටන් සිදුවූ බවයි හමාස් සංවිධානය කියා සිටින්නේ.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55