hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 7:23



ගාසා තීරයේ සටන්වලදී සිවිල් වැසියන්ට වන හානි අවම කරගැනීමට කටයුතු නොකළහොත් ඊශ්‍රායලය මූලෝපායික පරාජයක් අත්කරගැනීමේ ඉඩක් තිබේ යයි ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කරනවා.

සෙනසුරාදා සිදුකළ කතාවකදී ඔහු කියා සිටියේ ඇමරිකාව සෑම විටම සිවිල් වැසියන්ට වන හානි අවම කරන ලෙසට ඊශ්‍රායලයට බල කරන බවයි.

ක්‍රමෝපායික ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා කරන උත්සාහයේදී මූලෝපායික පරාජයක් අත්කරගැනීමේ අවදානමක ඊශ්‍රායලය පසුවන බවයි ඔස්ටින් කියා සිටියේ.

මෙම යුධ මෙහෙයුම් අවසානයේ ඊශ්‍රායල හා පලස්තීන වැසියන්ට උරුම වන්නේ තවත් අනාරක්ෂිතභාවය​, කෝපය සහ අසරණභාවය නම් මෙම යුද්ධයෙන් ඵලක් නොවන බව ඔහු කියා සිටිනවා.

ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් කරන ප්‍රහාරවලින් ආරක්ෂාව සහතික කරගැනීමට ඇති අයිතිය තමන් සැමවිටම පිළිගන්නා බව කියා සිටි ඔස්ටින් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට සිටින හොඳම මිතුරා බවත් පවසනවා.

කෙසේ වෙතත් නාගරික සටන් ජයගැනීමට නම් සිවිල් වැසියන් හැකිතරම් ආරක්ෂා කළ යුතු බවයි ඔහු කියා සිටින්නේ.