2023 දෙසැම්‍බර් 11, ප.ව. 5:58
ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමය සංවිධාන කළ 71 වැනි ජාතික බැට්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී බුවනෙක ගුණතිලක ශූරතාවය හිමි කරගත්තා.
එහි අනුශූරතාවය හිමිකරගත්තේ විරේන් මෙත්තසිංහයි.
විවෘත කාන්තා ඒකල ශූරිය ලෙස රනිත්මා ලියනගේ ශූරතාවය හිමිකර ගනිද්දී වරංගා ජයවර්ධන එහි අනුශූරතාවය හිමිකර ගත්තා.
විවෘත මිශ්‍ර යුගල තරගය ශූරතාව බුවනක ගුණතිලක සහ නටාසා ගුණසේකර දිනා ගත්තා.
කාන්තා යුගල තරග ශූරතාව දිනා ගත්තේ ජනරුවනි අමන්දා අල්විස් සහ අසාරා විජේරත්නයි.
පිරිමි යුගල තරග ශූරතාව බුවනෙක ගුණතිලක සහ විරේන් මෙත්තසිංහ හිමිකර ගත්තේය.
71 වන ජාතික බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය හතර වැනිදා ආරම්භ වූ අතර දින හයක් පුරා සේනානායක විද්‍යාලය,ශ්‍රී ලංකා බැට්මින්ටන් ක්‍රීඩාගාරය,වෙළඳ සේවා බැට්මින්ටන් ක්‍රීඩාගාරය පැවැත්වුණු අතර අවසන් මහා තරග වෙළඳ සේවා බැට්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දාහකට අධික ප්‍රමාණයක් මෙවර සහභාගි වී තිබුණා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20