hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 13, ප.ව. 1:26



තමා විපක්ෂයට යන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් අද (13) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, 

“අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ  ඉල්ලීම. මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: