hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:09



යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ වුවහොත්, ඒ සඳහා රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සංශෝධනය මගින් ජනමත විචාරණයක් අවශ්‍ය වන ආකාරයේ කිසිදු මූලික වෙනසක් රජය විසින් සිදු කර නොමැති බවයි.

“අපි විශ්වාස කරන්නේ මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත්, අපි අනිවාර්යයෙන්ම එය පවත්වනවා. මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි සති තුන ඇතුළත දැනගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: