2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 1:59
ජපන් අගමැති ෆුමියෝ කිශිදා තමන්ට එරෙහිව ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ජයගැනීමට ඊයේ සමත් වුණා.
කෙසේ වෙතත් ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) ප්‍රබලයන් වෙත එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් මතුවී ඇති දේශපාලන අර්බුදය එයින් අවසන් වන්නේ නැහැ.
පක්ෂ අරමුදල් තර කිරීම සඳහා පැවති උත්සවවල ප්‍රවේශපත් අලෙවියෙන් ලද ආදායම් සැඟවීමේ සහ ඒවා බෙදාගැනීමේ චෝදනාව LDP පක්ෂයේ හිටපු අගමැති ෂින්සෝ ආබේගේ කඳවුරේ කිහිපදෙනකු වෙතම එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අමාත්‍යවරුන් කිහිපදෙනකු ම ධුරයන් ගෙන් ඉවත් කිරීමට කිශිදා කටයුතු කරනු ඇතැයි වාර්තා වුණා.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මීළඟ නායකත්ව තරගය 2024 සැප්තැම්බරයේදී පැවැත්වෙන අතර කිශිදා එයට පෙර අගමැති ධුරයෙන් ඉවත් විය යුතු යයි ද ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් දැනට එවැන්නක් සිදුවීමේ ඉඩ පිළිබඳ නිශ්චිතව කිව නොහැකි බවයි පෙනී යන්නේ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48