hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 10:36



යුක්‍රේන අර්බුදය විසඳීම පිණිස සාකච්ඡා ඇරඹීම පිළිබඳව බටහිර රටවල් කිහිපයකම නායකයින් තමන් සමග පුද්ගලිකව කතාබහ කර ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රෝෆ් පවසනවා.

සිකුරාදා දිනයේ බෙලරූස් විදේශ ඇමතිවරයා හමුවූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් ඔහු මෙසේ සාකච්ඡා කළ කිසිදු බටහිර රටක නායකයකුගේ නමක් හෙළිකළේ නැහැ.

ලැව්රෝෆ් පැවසූයේ රුසියාව සැමවිටම මෙම අර්බුදය විසඳාගැනීමට සාකච්ඡා සඳහා සූදානම් නමුත් යුක්‍රේනය එය ප්‍රතික්ෂේප කරන බවයි.