2023 දෙසැම්බර් 18, ප.ව. 11:36
ඊජිප්තුවේ පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් කරනු ලැබුණා. එම ප්‍රතිඵල අනුව ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි ඉතා පහසු ජයක් වාර්තා කරගෙන තිබෙනවා.
අල්-සිසි වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 89.6 ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයගෙන ඇති අතර දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයා සියයට 4.5 ක ප්‍රතිශතයක් වාර්තා කළා.
මෙවර ජනාධිපතිවරණය ද කලින් මෙන්ම ප්‍රබල විපක්ෂ අපේක්ෂකයකු නොමැතිව සිදුවූවක්. ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිදෙනාම එතරම් ප්‍රකට පුද්ගලයන් නොවේ.
මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 66.8 ක් වූයේ යයි මැතිවරණ බලධාරීන් පැවසුවා. සාමාන්‍යයෙන් ඊජිප්තුවේ මැතිවරණවලදී දකින්නට ලැබෙන අඩු සහභාගීත්වයට වඩා මෙවර වෙනසක් පෙන්නුම් කර තිබෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16