2023 දෙසැම්‍බර් 19, ප.ව. 8:07
ඉරානයේ ඉන්ධන පිරවුම්හල් වෙත බලපෑ සයිබර් ප්‍රහාරය සඳහා වගකීම ඊශ්‍රායලයට සම්බන්ධ බව විශ්වාස කෙරෙන හැකර් කණ්ඩායමක් විසින් භාරගෙන තිබෙනවා.
සඳුදා එල්ල වූ මෙම ප්‍රහාරය ඉරානයේ ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 70 කට පමණ බලපෑ බවයි එරට තෙල් කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ.
“දඩයක්කාර ගේකුරුල්ලෝ” නමින් හැඳින්වෙන මෙම සංවිධානය හැකර් ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඉරානයේ හදිසි සේවා බලධාරීන් වෙත ඒ පිළිබඳ අනතුරු ඇඟවූ බව කියා සිටිනවා.
එමෙන්ම තමන් ඉරානයේ ඉන්ධන පිරවුම්හල් සියල්ලටම පහර දීමේ හැකියාව තිබුණ ද එම පියවර නොගත්තේ සිවිල් වැසියන්ට වන බලපෑම හේතුවෙන් බව ද එම කණ්ඩායම පවසා තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48