2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:07
චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර සුප්‍රකට චාර්ල්ස් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩිතැබීමකින් 15 දෙනකු පමණ මියගොස් තවත් 25 ක් පමණ තුවාල ලබා තිබෙනවා.
ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ මෙම වෙඩිතැබීම සරසවියෙහි කලා පීඨයෙන් ආරම්භ වුණා. වෙඩි තැබීම්වලින් බේරීමට ඇතැම් පුද්ගලයන් ඉහළ මහල්වලින් බිමට පනින දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
ප්‍රාග් හි පොලිසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුකළ තැනැත්තා ද සරසවි සිසුවකු බවයි. එමෙන්ම වෙඩික්කරු ද මියගොස් ඇති බවත්, ඔහු සියදිවි නසාගන්නට ඇතැයි සැක කෙරෙන බවත් පොලිසිය පවසනවා. මේ සිසුවා ප්‍රාග් නුවරින් කිලෝමීටර් 21 ක් ඈත පිහිටි කුඩා නගරයක පදිංචිකරුවෙක්.
මේ අතර වෙඩිතැබීම සිදුකළ සිසුවාගේ පියා ද මියගොස් සිටියදී හමුව ඇතැයි වාර්තා වුණා.
වෙඩිතැබීම කළ සිසුවාගේ අරමුණ හෝ ඊට හේතුව හෝ පැහැදිලි නැතැයි පොලිසිය සඳහන් කරනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48