hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 3:35



අදින් ආරම්භ වු සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.

2023 -2024 ශ්‍රී පාද වන්දනා සමය අදට (26) යෙදී ඇති උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේ සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ අතර අප වාර්තාකරුවන් පැවසුවේ, අද උදෑසන සිටම සිරිපා කරුණා කරන්න අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින බවය.ෙ

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: