hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 11:23



චීනයේ නව ආරක්ෂක ඇමතිවරයා ලෙස එරට මහජන ආරක්ෂක හමුදා නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් දොංග් ජුන් පත්කර තිබෙනවා.

චීන නාවික හමුදාවේ දීර්ඝ සේවාකාලයක් ඇති අද්මිරාල් දොංග් 2021 දී එහි ප්‍රධානියා බවට පත්වුණා. නාවික හමුදාපති ලෙස පත්වීමට පෙර කලක් ඔහු දකුණුදිග ප්‍රදේශය භාර අණදෙන නිලධාරියා වූ අතර, මුහුදු සීමා පිළිබඳ අර්බුද ඇතිවී තිබෙන දකුණු චීන මුහුදු ප්‍රදේශය භාරව සිටියේ ඔහුයි.

ඔක්තෝබරයේදී හිටපු ආරක්ෂක ඇමති ලී ශංග්ෆූ ධුරයෙන් නෙරපනු ලැබීමෙන් පසු ආරක්ෂක ඇමති ධුරය පුරප්පාඩුව තිබුණා. හමුදා උපකරණ මිලදී ගැනීමේදී සිදුවූයේ යයි කියන අක්‍රමිකතා පිළිබඳ චෝදනා හේතුවෙන් ලී ධුරයෙන් ඉවත් කරන ලද බවයි වාර්තා වුණේ.