hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 11:16



ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එහි නිවාසවලින් සියයට 70 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී හෝ හානියට පත්ව තිබෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා.

මේ අතර සමස්ථයක් ලෙස ගත්විට එම ප්‍රදේශයේ ගොඩනැගිලිවලින් සියයට 50 ක් පමණ විනාශ වී හෝ හානියට පත්ව හෝ තිබෙනවා.

විනාශ වූ ගොඩනැගිලි අතර නිවාස සහ නිවාස සංකීර්ණ මෙන්ම ඓතිහාසික ක්‍රිස්තියානි දේවස්ථාන​, ඉස්ලාමීය දේවස්ථාන​, හෝටල්, සාප්පු සංකීර්ණ​, පාසැල් ආදිය ද වනවා.

මේ අතර ඇතැම් ස්ථානවල ඊශ්‍රායල හමුදා විසින් නිවාස කඩා බිඳදමා ඇතැයි ද චෝදනා පසුගිය දිනවල වාර්තා වුණා. එම ක්‍රියාවන් විවේචනය කරන පාර්ශවයන් පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඔවුන්ව එයින් පළවා හැරීමට උත්සාහ කරන බවයි.