hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 31, ප.ව. 10:35



තායිවානය චීනය සමග එක්සත් වීම ඓතිහාසික අනිවාර් යයක් බවත් දෙපාර්ශවයේම චීන ජාතිකයන් මාතෘභූමියෙහි එක්සත් වීම සහ පුනර්ජීවනය පිළිබඳ බලාපොරොත්තු තබාගත යුතු බවත් චීන ජනාධිපති සී ජින්පිං පවසනවා.

ඔහුගේ නව අවුරුදු පණිවිඩය මගින් මේ බව ඔහු සඳහන් කළා.

තායිවානය ජනවාරි 13 වනදා එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂයේ අපේක්ෂකයා වන උප ජනාධිපති ලායි චිංග්-ට හෙවත් විලියම් ලායි එම තරගයේ ඉදිරියෙන් සිටින බව සමීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙනවා.