hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 02, ප.ව. 5:32



ජපාන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව ගිනිගැනීමට ලක් වුණා.

අද එම ගුවන් යානය ජපානයේ ටෝකියෝ හි හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබාමින් තිබියදී මෙම අනතුර සිදු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හොකයිඩෝ සිට පැමිණි JAL 516 මගී ප්‍රවාහන යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ ගුවන්යානයේ මගීන් 379ක් සිට ඇති අතර ගින්න හටගැනීමත් සමග ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමේදී වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට සැකපළ කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.