hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 ජනවාරි 03, ප.ව. 5:14



ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය සමග සබඳතා පවත්වන්නේ යයි සැකපිට පුද්ගලයන් 34 දෙනකු අත් අඩංගුවට ගත් බව තුර්කියෙන් ඊයේ වාර්තා වුණා.

එමෙන්ම තවත් 12 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් පැවැත්වෙන බවයි වාර්තා වූයේ.

ඉස්තාන්බුල් නගරයේදී මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවූ බවයි වාර්තා වූයේ. මෙම පිරිස තොරතුරු ඒකරාශී කිරීම මෙන්ම පැහැරගැනීම් ආදී වෙනත් ක්‍රියා සඳහා ද සම්බන්ධ වූ බව චෝදනා පළවී තිබුණා.