hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 ජූනි 11, ප.ව. 3:15



සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බිබර්ගේ මුහුණේ එක පැත්තක් පුර්ණ අංශ භාගයට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු ටොරොන්ටෝ, වොෂින්ටන් ඩීසී සහ නිව් යෝර්ක් හි ප්‍රසංග රැසක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

හදිසියේ බිබර් අංශ භාග රෝගයට ගොදුරු වී ඇත්තේ වෛරසයක් හේතුවෙන් බව සඳහන්.

ඔහු තම ඉන්ස්ටර් ග්‍රෑම් පිටුවට වීඩියෝ පටයක් ද එක කර තිබූ අතර තම රෝගී තත්ත්වය ගැන එහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

“ඔබට පෙනෙන පරිදි මට වැළඳී ඇත්තේ ස්නායු ආශ්‍රිතව හටගත් දුර්ලභ ආබාධිත තත්ත්වයකි. මේ ඇස ඇසිපිය හෙළන්නේ නැත. මට මේ මූණෙන් හිනා වෙන්න බෑ. මේ නාස් පුඩුව සෙලවෙන්නේ නැති නිසා මගේ මුහුණේ මේ පැත්තේ සම්පූර්ණ අංශභාගය තියෙනවා.”