2024 ජනවාරි 10, පෙ.ව. 12:00
මැදපෙරදිග සංචාරයක යෙදෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ජනවාරි 9 රාත්‍රියේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවුණා. ඔවුන් අතර හමුව එතරම් යහපත් ලෙස සිදු නොවූ බව ඊශ්‍රායලයේ චැනල් 12 රූපවාහිනිය වාර්තා කරනවා.
සාමාන්‍යයෙන් සිදුවන පරිදි මෙම හමුව පිළිබඳ අගමැති කාර්යාලයෙන් නිල ප්‍රකාශනයක් ද නිකුත් වී නැති බවයි වාර්තා වන්නේ.
යුධ මෙහෙයුම් පිළිබඳව ඊශ්‍රායලය හා ඇමරිකාව අතර ඇති මතයන් හි නොගැලපීම් මේ සඳහා හේතු වී ඇතැයි විශ්වාස කෙරෙනවා.
බ්ලින්කන් මීට ප්‍රථම ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්ට්සොග් මෙන්ම ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් ද හමුවුණා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48