2024 ජනවාරි 11, ප.ව. 8:31
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ එරට හමුදාපති වලේරි සලුෂ්නි අතර පසුගියදා ඇතිවූ මතභේදයන් පිළිබඳ ඇමරිකාව කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වනවා.
ඊට හේතුව වන්නේ මෙම මතභේදයන් හේතුවෙන් යුක්රේන යුධ මෙහෙයුම් අසාර්ථක වීමේ අවදානමක් ඇතැයි ඇමරිකාව සැක පළ කිරීමයි.
එමෙන්ම යුක්රේන යුධ සැලැසුම් සකස් කිරීමේදී මෙම ගැටුම බාධාවක් වී ඇති බව ද ඇමරිකාව විශ්වාස කරන බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
තවද, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසන පරිදි ඇමරිකාවට යුක්රේනය වෙත දිගටම සහය දැක්වීමේ ක්‍රමවේදයන් තීරණය කිරීමට නම් යුක්රේන සැලසුම් පිළිබඳ නිවැරදි අදහසක් අවශ්‍යව තිබෙනවා. නමුත් පවත්නා තත්ත්වය හමුවේ එවන් අදහසක් ලබාගැනීම අපහසුව තිබෙනවා.
සෙලෙන්ස්කි සහ සලුෂ්නි අතර ගැටුම් කරළියට පැමිණියේ පසුගිය නොවැම්බරයේදී යි. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සටන් පෙරමුණේ කිසිවකුට ජය පරාජයක් ලබාගත නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි සලුෂ්නි කියා සිටීම ඊට හේතු වුණා. සලුෂ්නි පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් නමුත් සෙලෙන්ස්කි හා සලුෂ්නි අතර මතගැටුම් තවමත් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම එම මතගැටුම් කාලයක් තිස්සේ පැවති බව ද වාර්තා වනවා.
මේ අතර ඇතැම් අවස්ථාවලදී සෙලෙන්ස්කි සලුෂ්නිට නොදන්වා හමුදා ඒකකවලට නියෝග දී ඇති බවත් සලුෂ්නි ඒවා දැනගෙන ඇත්තේ තමන්ට පහළින් සිටින නිලධාරීන්ගෙන් බවත් වාර්තා වනවා.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34