hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ජනවාරි 12, ප.ව. 6:31



යුක්‍රේනයට ඇමරිකාවෙන් ලැබෙන යුධ ආධාර නැවතී ඇතැයි ධවල මන්දිර ජාතික ආරක්ෂක කටයුතු ප්‍රකාශක ජෝන් කර්බි පවසා සිටියා.

කොන්ග්‍රස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අනුමැතිය දෙන තුරු නැවත යුක්‍රේනය වෙත ආධාර ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව කර්බි පෙන්වා දෙනවා.

කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය නොමැතිව ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමැතිය ඇතිව හදිසි අවශ්‍යතා සඳහා නිකුත් කළ හැකිව තිබූ මුදලෙහි අවසන් ඩොලර් මිලියන 250 ද පසුගියදා නිකුත් කරනු ලැබුණා.