2024 ජනවාරි 15, පෙ.ව. 10:44
රුසියාව විසින් බ්‍රිතාන්‍යයට පහර දෙන අවස්ථාවක් මතුවුවහොත් එහිදී බ්‍රිතාන්‍යයට යුක්‍රේනයේ සහය හිමිවන බව යුක්‍රේන අගමැති දෙනිස් ස්මිහාල් පවසනවා.
ජනවාරි 12 වනදා අත්සන් කළ බ්‍රිතාන්‍ය – යුක්‍රේන ආරක්ෂක සහයෝගීතා ගිවිසුම අනුව මෙම සහයෝගය ලබාදීමට යුක්‍රේනය බැඳී සිටින බවයි ස්මිහාල් පෙන්වා දෙන්නේ.
එම ගිවිසුම අනුව බ්‍රිතාන්‍යය වසර දෙකක කාලයක් තුළ යුක්‍රේනය වෙත පවුම් බිලියන 2.5 ක යුධ ආධාර ලබාදීමට නියමිතයි. එහිදී නවීන ඩ්‍රෝන ලබාදීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
අගමැති දෙනිස් ස්මිහාල් පවසන්නේ මෙම ගිවිසුම ඓතිහාසික අවස්ථාවක් බවයි. යුක්‍රේනය සමග අනෙකුත් රටවල් ද මෙසේ ද්වි පාර්ශවික ආරක්ෂක ගිවිසුම් කරා එළඹිය යුතු බව ඔහු කියා සිටිනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59