2024 ජනවාරි 16, පෙ.ව. 11:22
රිපබ්ලිකන් පක්ෂයේ 2024 ජනාධිපති අපේක්ෂකයා තේරීමේ තරගයෙහි මුල්ම තරගය වූ අයෝවා ඡන්ද රැස්වීම් (Iowa Republican Caucuses) ඊයේ පැවැත්වුණා. එහි ප්‍රතිඵලය අනුව අපේක්ෂා කළ පරිදිම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පහසු ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.
රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා අයෝවා ප්‍රාන්තයෙන් නියෝජිතයන් 40 දෙනකු නම් කෙරෙනවා. එම නියෝජිතයන් දිනාගැනීමට මෙම තරගය පවත්වනු ලැබුණා.
දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පාක්ෂිකයන් අතුරින් සියයට 51.1 දෙනකු ට්‍රම්ප් තෝරාගත් අතර ඔහුට නියෝජිතයන් 20 දෙනකු ලැබෙනවා. දෙවන ස්ථානයට පත්වූ රොන් ඩි සැන්ටිස් සියයට 21.2 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් හෙයින් නියෝජිතයන් 9 දෙනකු දිනාගත්තා. සියයට 19.1 ක ඡන්ද ප්‍රතිශතයක් සමග නිකී හේලිට නියෝජිතයන් 8 දෙනකු ලැබුණා. සියයට 7.7 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගන ඇති විවේක් රාමස්වාමිට නියෝජිතයන් තිදෙනකු ලැබෙනවා.
මෙම තරගයේ ට්‍රම්ප් ජයගෙන ඇත්තේ වාර්තාගත ප්‍රතිශතයක් සමගයි. මීට පෙර කිසිදු අයෝවා රිපබ්ලිකන් තරගයකදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයකු සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගෙන නැහැ.
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 22, ප.ව. 8:14
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06