2024 ජනවාරි 16, ප.ව. 2:07
ඇමරිකාවේ 2024 ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට රිපබ්ලිකන් පක්ෂ නාමයෝජනාව සඳහා තරගවැදුණ විවේක් රාමස්වාමි තීරණය කළා.
අයෝවා ඡන්ද රැස්වීම්වල ප්‍රතිඵල නිකුත්වීමත් සමගයි ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ. ඒ සමගම ඔහු තම සහය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදෙන බව සඳහන් කළා.
රාමස්වාමිට අයෝවා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතුරින් සියයට 7.7 ක ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබෙනවා. ඒ අනුව ඔහු සිව්වන ස්ථානයට පත්වුණා.
එළඹෙන සතියේදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා වන මීළඟ තරගය නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතයි. මේ වනවිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරගවදින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රොන් ඩි සැන්ටිස් සහ නිකී හේලි යන තිදෙනායි.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48