2024 ජනවාරි 16, ප.ව. 3:28
සාමකාමී මාර්ගයන් මගින්, බෙදී වෙන් වූ කොරියාව ඒකාබද්ධ කිරීමේ බලාපොරොත්තු උතුරු කොරියාව විසින් අතහැර ඇතැයි වාර්තා වනවා.
එරට නිල පුවත් සේවය වන කොරියානු මහජන පුවත් ඒජන්සිය වාර්තා කළේ සඳුදා දිනයේ එරට පාර්ලිමේන්තුව ඇමතූ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන්, දකුණු කොරියාව තම ප්‍රධානම සතුරා වශයෙන් නම් කරන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට යෝජනා කළ බවයි.
කිම් ජොංග්-උන්ගේ යෝජනා අනුව යමින් කොරියානු ඒකාබද්ධතාව පිළිබඳ කටයුතු කරන ආයතන සහ දෙරට අතර සංචාරයන් සංවිධානය කරන ආයතන අහෝසි කිරීමට උතුරු කොරියාවේ උත්තරීතර මහජන සභාව තීරණය කර තිබෙන අතර දකුණු කොරියාව සිය ප්‍රධානම සතුරා ලෙස නම් කෙරෙන ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීමට සූදානම් වනවා.
කොම් ජොංග්-උන් ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාව බලාපොරොත්තු වන්නේ උතුරු කොරියාව ඈඳාගෙන කොරියානු ඒකාබද්ධතාව ළඟා කරගැනීමට බවයි. එය උතුරු කොරියාව බලාපොරොත්තු වන “එක රටක්, ක්‍රම දෙකක්” යෝජනාවට පටහැනි බව කිම් ජොංග්-උන් පෙන්වා දෙනවා.
උතුරු කොරියානු නායකයා අවධාරණය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයේ හමුදාමය ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවයි. තවද දකුණු කොරියාව ඇමරිකාවේ යටත් විජිතයක් මෙන් පවතින බවත් ඔහු කියා සිටිනවා.
“අපට යුද්ධයක් අවශ්‍ය නැහැ, නමුත් අප එය මග හරින්නේ ද නැහැ” කිම් පවසා තිබෙනවා. “සතුරන් විසින් අප පොළඹවන්නේ නැති තාක්කල් අපි ඒකපාර්ශවිකව යුද්ධයක් අරඹන්නේ නැහැ. නමුත් එය අපගේ දුර්වලතාවයක් යයි කිසිවකු කල්පනා නොකළ යුතුයි” ඔහු තවදුරටත් ප්‍රකාශ කළ බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පැවසුවා.
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 22, ප.ව. 8:14
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06