hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 ජනවාරි 16, ප.ව. 3:37



දන්යෙත්ස්ක් (Donetsk) පළාතේ යුක්‍රේන හමුදා පාලනය යටතේ පවතින “නිව් යෝර්ක්” නගරයට රුසියානු ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය පවසනවා.

නිව් යෝර්ක් පිහිටා ඇත්තේ ගර්ලොව්කා නගරයට බටහිරින් සහ දන්යෙත්ස්ක් නගරයට උතුරු දිගින් වන අතර එය මේ වනවිට සටන් පෙරමුණේම පවතින නගරයක්. නිව් යෝර්ක් අවට මේ වනවිට දරුණු සටන් පවතින බව වාර්තා වනවා.

රුසියානුවන් විසින් නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් තිදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වුණා. ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ ප්‍රහාරයන් හේතුවෙන් එහි කොටසක් කඩාවැටී තිබෙනවා. තුවාල ලද තිදෙනාට අමතරව තවත් පස්දෙනකු සුන්බුන් අතර සිරවී සිටිතැයි වාර්තා වනවා.

2022 දී යුද්ධය ඇරඹීමට පෙර නිව් යෝර්ක් හි 9,000 ක පමණ ජනගහනයක් ජීවත්ව සිටි බවයි පැවසෙන්නේ. මෙම නගරයට එම නම ලැබුණු ආකාරය පිළිබඳ විවිධ මත පවතිනවා. 1859 දී ස්ථාපිත කර ඇති එම නගරයට සෝවියට් පාලන සමයේදී නව්ගරද්ස්කොයේ (නව නගරය​) යන නම තබා තිබෙනවා. 2021 මැද දී එහි පැරණි නම නැවත භාවිතයට ගෙන ඇතැයි වාර්තා වනවා.