2024 ජනවාරි 16, ප.ව. 6:00
මෙක්සිකෝවේ වියා ගුවේරෝ නම් නගරයකදී මනාලියක ඇගේ මංගල දිනයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
කප්පම් ගැනීමේ චෝදනාවලට ලක්ව සිටින නැන්සි N. නමැති මෙම කාන්තාව සිය මංගල දේව මෙහෙය සඳහා දේවස්ථානය අසළදී වාහනයෙන් බිමට බසින අවස්ථාවේ පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුණා.
ඇගේ මනාලයා වන ක්ලෙමෙන්ටේ N. හෙවත් “එල් රතෝන්” (මීයා) නම් තැනැත්තා ද පොලිසියට අවශ්‍යව තිබූ නමුත් ඔහු පළා යාමට සමත්ව තිබෙනවා.
මාධ්‍ය වාර්තා පවසන පරිදි මොවුන් දෙදෙනා ඇතුළු පිරිසක් මෙක්සිකෝවේ අගනුවර මෙක්සිකෝ සිටි ආසන්නයේ පිහිටි ටොලූකා හි කුකුළන් වෙළෙන්ඳන් වෙතින් කප්පම් ගැනීම සහ කුකුළු ගොවිපලක සේවකයන් සිව් දෙනකු පැහැරගැනීමට සම්බන්ධ බවට සැක කෙරෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48