hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 16, ප.ව. 11:50



ඉරාන ආරක්ෂක අංශ විසින් පාකිස්ථානයේ පිහිටි ජායිෂ් අල්-ආදල් ත්‍රස්ත කණ්ඩායමේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ පුවත් සේවය නිවේදනය කරනවා.

මෙම ප්‍රහාර සඳහා මිසයිල සහ ඩ්‍රෝන යොදාගත් බවයි එම පුවත් වාර්තාවෙන් පැවසෙන්නේ.

පාකිස්ථාන ආණ්ඩුව මෙතෙක් මේ පිළිබඳ නිල වශයෙන් යමක් සඳහන් කර නැහැ.

ජායිෂ් අල්-ආදල් සංවිධානය ඉරානයේ සිස්ථාන් සහ බලුචිස්ථාන් ප්‍රාන්තයේ ස්වාධීනත්වය සඳහා සටන් කරන අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් ලෙස හැඳින්වෙනවා. එය පසුගිය දෙසැම්බරයේදී එම ප්‍රාන්තයේ රස්ක් නගරයට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු බව ඉරානය පවසනවා.

ඉරානය අද අලුයම් කාලයේ සිරියාවේ ත්‍රස්ත කඳවුරකට මෙන්ම ඉරාක කුර්දිස්ථානයේ පිහිටි මොසාඩ් සංවිධානය භාවිතා කළ ස්ථානයක් යයි කියැවෙන ගොඩනැගිල්ලකට ද ප්‍රහාර එල්ල කළා.