hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 9:51



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ක්‍රෙම්ලීනයේදී උතුරු කොරියානු විදේශ අමාත්‍ය චෝ සොන්-හුයි මුණගැසුණා.

එහිදී උතුරු කොරියානු විදේශ ඇමතිණිය සහ රුසියානු විදේශ ඇමති ඇතුළු නිලධාරීන් අතර සිදුවූ සාකච්ඡා පිළිබඳ පුටින් වෙත කරුණු වාර්තා කරනු ලැබුණ බවයි ක්‍රෙම්ලීනය පවසන්නේ.

ඉකුත් සැප්තැම්බරයේදී උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් රුසියාවේ කළ සංචාරයේදී ඇතිකරගත් එකඟතා ඔස්සේ ඉදිරියට ගන්නා පියවර පිළිබඳ උතුරු කොරියානු විදේශ අමාත්‍යවරිය සහ රුසියානු බලධාරීන් අතර සාකච්ඡා ඇතිවූ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් මාධ්‍ය වෙත කියා සිටියා.