hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:02



කොළඹ නගරයේ මහල් නිවාස 06ක් ඇතුළු ගොඩනැගිලි 08ක් අවදානම් සහගත තත්ත්වයක පවතිනවා.

ඒ හේතුවෙන් කඩිනමින් අලුත්වැඩියා කිරීමට හෝ කඩා ඉවත් කිරීමට තීරණය කර ඇත.

මේ බව කොළඹ නගරය ආශ්‍රිත ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියා.

ඒ අනුව කොළඹ නගර සභා සීමාව තුල අවදානම් මට්ටමේ පවතින ගොඩනැගිලි 08ක් ඇත.

එයට ඛෙත්තාරාම බාරොන් ජයතිලක විද්‍යාල ගොඩනැගිල්ල ,ජුම්මා මස්ජීද් පාරේ නිවාස, තිඹිරිගස්යාය අභයාරාම තෙමහල් නිවාස ඇතුළු මහල් නිවාස සංකීර්ණ 06ක් අයත් වෙනවා.

කෙසේ වෙතත්, කොළඹ නගරයේ ගංවතුර ගැටලුවට ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුනාගෙන ඇති ඇල මාර්ග අවහිර වන පරිදි ඉදිකර ඇති නිවාස ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: