hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 ජනවාරි 21, ප.ව. 12:03



ඊයේ සිරියාවේ ඩමස්කස් අගනුවර ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් තම ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ සාමාජිකයන් පස්දෙනකු මියගිය බව ඉරානය කියා සිටියා.

මේ පිරිස අතර සිරියාවේ ඉරාන විප්ලවකාරී මුරභට හමුදාවේ බුද්ධි කටයුතු උපදේශකවරයා සහ ඔහුගේ සහය නිලධාරියා ද වූ බවයි වාර්තා වන්නේ.

ඉරානය පවසන පරිදි මෙසේ මියගිය නිලධාරීන් වන්නේ හජටොල්ලා ඔමිද්වාර්, අලි අකසදෙහ්, හොසේන් මොහමදි, සයිද් කරිමි, මොහොමද් අමින් සමාදි යන අය යි.