hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:03



සමාජ මාධ්‍ය මෙන්ම මෙරට සියලු මාධ්‍ය යම් නියාමනයකට යටත් කළ යුතු බව මිහින්තලේ රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නා හිමියෝ පවසනවා.                                 

මහනුවරදී ඊයේ (28) මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ කියා සිටියේ නමුත් මෙම නියාමනය දේශපාලඥයන්ගේ වාසියට හරවා නොගැනීම මෙන්ම නියාමනය වාරණයක් කර නොගැනීම හා සියළු පාර්ශ්වයන්ට නීතිය සමව ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු කරුණක් බවයි.                                                        

“මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ආගම්වලට, ආගමික නායකයන්ට, විවිධ පුද්ගලයන්ට ඉතාමත් නින්දිත ආකාරයෙන් අපහාස කරන ආකාරය අපි දකිනවා. මේවා නැවැත්විය යුතුයි. යම් නියාමනයකට යටත් කළ යුතුයි.  හැබැයි නීතියේ යුක්තිය ක්රියාත්මක වෙනවද කියන එක ගැටළුවක් අපිට තිබෙනවා. කොල්ලූපිටියේ නිහඬ, සාමකාමී විරෝධතාවයක නියැලුණු සිවි ක්‍රියාකාරීන් පිරිසකට පොලිස් නිලධාරීන් පවා බලා සිටියදී කිසියම් පිරිසක් පහර දුන්නා. මෙම පහර දුන් පිරිස මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වෙලා තියෙනවා. නමුත් මේ දක්වා කිසිම නීතියක් ඉෂ්ට වෙලා නෑ. මේ තත්ත්වයන් අපි හෙලා දකිනවා.” යනුවෙන්ද උන්වහන්සේ පැවසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: