2024 පෙබරවාරි 01, ප.ව. 11:41
පාකිස්ථාන මහමැතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පැවති නඩු දෙකක තීන් දු ප්‍රකාශ කෙරුණා.
ජනවාරි 30 වනදා ඔහු සහ ඔහුගේ හිටපු විදේශ අමාත්‍යවරයා වූ ෂා මහ්මුඩ් කුරේශි දස වසර බැගින් වූ සිර දඬුවම්වලට යටත් කෙරුණේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාවක් මතයි.
ජනවාරි 31 වනදා රාජ්‍ය භාණ්ඩාගාරයට වංචා කිරීමේ චෝදනා මත ඉම් රාන් සහ ඔහුගේ බිරිඳ වසර 14 ක සිර දඬුවමකට යටත් කෙරුණා.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 8 වනදා පැවැත්වෙනවා. මෙහිදී ඉම්රාන්ගේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය බලය ලබාගැනීමේ ඉඩකඩ බෙහෙවින්ම අහුරා තිබෙනවා.
පක්ෂයට එහි මැතිවරණ සලකුණ වන ක්‍රිකට් පිත්තේ ලකුණ අහිමි කර තිබෙන අතර ඇතැම් ප්‍රබලයින් පක්ෂය හැරගොස් තිබෙනවා. තවත් අය සිටින්නේ සැඟවීගෙනයි. මේ අතර ඇතැම් අපේක්ෂකයන් ස්වාධීනව තරග කරනවා. එහෙත් ඡන්ද ලකුණ නොමැතිව එයින් වැඩි දෙනෙකු ජයගනී යයි සිතිය නොහැකියි. සාක්ෂරතාව අඩු පාකිස්ථානය වැනි රටවල ඡන්ද සලකුණ ඉතා වැදගත් වීම ඊට හේතුවයි.
මේ අනුව මැතිවරණයේදී පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට වැඩි වාසියක් සැලසෙන බවක් පෙනෙන්නට නැහැ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16